01. අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය සවිබලගැන්වීම

1. ආර්ථික අපහසුතාවලින් පෙලෙන පවුල් ආර්ථික මය වශයෙන් සවිබල ගැන්වීම සඳහා ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් පැවතීම.
2. මූල්‍ය කළමනාකරණය හා සකසුරුවම පිළිබඳ දැනුවත් කිරීම.
3. ජීවනෝපාය ව්‍යාපෘති සැලසුම් කිරීම හා දියත් කිරීම.
4. වෙළඳපළ අවස්ථා ප්‍රවර්ධනය සහ ව්‍යවසායක සංසදය ඇති කිරීම.
5. වෘත්තීය මාර්ගෝපදේශනය සහ රැකියා ගත කිරීම

02. ආහාර සුරක්ෂිතතාවය සහ යහපත් පෝෂණ තත්ත්වය ඇති කර තිරසාර කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම.

1. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ දැනුවත් කිරීම.
2. පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
3. වියළි ආහාර බෙදා දීම.
4. කෘෂි අපනයන නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීම් , ප්‍රායෝගික පුහුණු වැඩසටහන් පැවැත්වීම.
5. කෘෂි වගාවන් ප්‍රවර්ධනය සඳහා බීජ සහ පැළ ලබාදීම.

03. නිරෝගිමත් ජීවිතයක් සහතික කර සෑම මසකම සිටින සෑම අයෙකුගේම යහ ජීවනය ප්‍රවර්ධනය.

1. ප්‍රජනන මාතෘ හා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන්.
2. බෝවන සහ බෝනොවන රෝග පිළිබඳ දැනුවත් කිරීම සහ සායන පැවතීම.
3. පාරිසරික රෝග (ඩෙංගු)
4. ශාරීරික සුවතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
5. ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය සඳහා පහසුකම් ලබා දීම හා වැඩිදියුණු කිරීම.

04. පරිපූර්ණ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම.

1. දැනුවත් කිරීමේ වැඩසටහන් (වෘත්තීය මාර්ගෝපදේශණය)
2. පාසල් උපකරණ ලබාදීම සහ පාසල්වල පහසුකම් සංවර්ධනය.
3. පාසල් නොයන දරුවන් පාසල්ගත කිරීම සඳහා වැඩසටහන් පැවතීම.
4. ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ අධ්‍යාපන ආධාර ලබා දීම.
5. ආකල්ප සංවර්ධන හා මනෝ උපදේශන වැඩසටහන්.

05. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ළඟා කර සියලු කාන්තාවන් ගැහැණු ළමුන් සවිබල ගැන්වීම.

1. කාන්තාවන් ජීවන උපාය සංවර්ධනයට ව්‍යවසායකයන් ලෙස සවිබල ගැන්වීම.
2. රැකියා සඳහා යොමු කිරීම.
3. කාන්තා ප්‍රජනන සෞඛ්‍යය සහ සනිපාරක්ෂාව ප්‍රවර්ධනය.
4. පෞර්ෂත්වය වර්ධනය තුළින් සමාජ යේ භූමිකා සංවර්ධනය.
5. ගැහැණු දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වැඩසටහන්.

06. සැමට ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබා දීම.

1. ජල මූලාශ්‍ර සංරක්ෂණය.
2. රුක් රෝපණ වැඩසටහන්.
3. ප්‍රජා ජලය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සහ වැඩිදියුණු කිරීම.
4. පාංශු සංරක්ෂණ සහ දැනුවත් කිරීමේ වැඩසටහන්.
5. මූලික සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය.

07. සියල්ලන් සඳහා දැරිය හැකි විශ්වාස තිරසර නවීන බලශක්ති සැපයුම් සහතික කිරීම.

1. විකල්ප බලශක්ති ප්‍රභවයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන.
2. විදුලි අවශ්‍යතා ඇති පවුල් හඳුනා ගැනීම හා අවශ්‍යතා සම්පූර්ණ කිරීම.
3. බලශක්ති කළමනාකරණය පිළිබඳ ප්‍රජා දැනුවත් කිරීම.

08. තිරසාර ආර්ථික වර්ධනය සහ සෑමට පූර්ණ සහ ඵලදායි රැකියා හා නිසි කාර්ය ප්‍රවර්ධනය.

1. නව ව්‍යාපාරික අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම.
2. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟා සිටුවීම.
3. වෘත්තීය පුහුණුව හරහා හැකියාවන් හා කුසලතා ඔප්නැංවීම මගින් විරැකියාව නැති කිරීම.
4. සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරගත් ස්වයං රැකියා ප්‍රවර්ධනය.
5. සුළු පරිමාණ ව්‍යවසායකයන් ආයෝජන සඳහා දිරිගැන්වීම.

09. සවිමත් යටිතල පහසුකම් ගොඩනැගීම තුළින් තිරසර භෞතික සංවර්ධනයක් ඇති කිරීම හා නවෝත්පාදනය දිරිගැන්වීම.

1. මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
2. නවෝත්පාදන සඳහා තරුණ තරුණියන් දිරිගැන්වීම.
3. පොදු ප්‍රවාහන පහසුකම් ඉහළ නැංවීම.
4. තාක්ෂණික උපාංග සහ මෙවලම් භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්.

10. කොට්ඨාසය තුළ හා වසම් අතර අසමානතාවය අවම කිරීම.

1. සම්පත් බෙදී යාමේ අසමානතාවය අවම කිරීම සඳහා රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම. 
2. ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
3. ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්.
4. නිදහස් දින සැමරුම. 
5. ආකල්ප සංවර්ධන වැඩසටහන්

11. තිරසර පරිභෝජන සහ නිෂ්පාදන රටාවක් සහතික කිරීම.

1. ස්වභාවික සම්පත් තිරසර අන්දමින් කළමනාකරණය සහ කාර්යක්ෂමව භාවිතා කිරීම සම්බන්ධව දැනුවත් කිරීම.
2. තිරසර ගෙවතු නිර්මාණය කිරීම.
3. පසු අස්වනු තාක්ෂණය ඉහළ නැංවීම.
4. ප්‍රතිචක්‍රීකරණය සහ නැවත භාවිතා කිරීම සම්බන්ධ පුහුණු වැඩසටහන්.
5. පරිසර හිතකාමී දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම.

12. දේශගුණික විපර්යාස හා ඒවායේ බලපෑම අවම කිරීම.

1. රුක් රෝපණය හා ආපදා අවදානම් අවම කිරීමේ වැඩසටහන.
2. ආපදා අවම කිරීමේ වගා ව්‍යාපෘති.
3. ගෝලීය උණුසුම ඉහළ යෑම පාලනය සඳහා හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේ දැනුවත් කිරීමේ වැඩසටහන් හා ව්‍යාපෘති.
4. කසල කළමනාකරණ ව්‍යාපෘති.
5. වන ගහණය ආරක්ෂා කිරීම සඳහා වන වැඩසටහන්.

13. දේශගුණික විපර්යාස හා ඒවායේ බලපෑම අවම කිරීම.

රුක් රෝපණය හා ආපදා අවදානම් අවම කිරීමේ වැඩසටහන.
ආපදා අවම කිරීමේ වගා ව්‍යාපෘති.
ගෝලීය උණුසුම ඉහළ යෑම පාලනය සඳහා හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේ දැනුවත් කිරීමේ වැඩසටහන් හා ව්‍යාපෘති.
කසල කළමනාකරණ ව්‍යාපෘති.
වන ගහණය ආරක්ෂා කිරීම සඳහා වන වැඩසටහන්.


14. සාගර සම්පත් සංරක්ෂණය.

1. ගං ඉවරු ආශ්‍රිත පාංශු සංරක්ෂණ වැඩසටහන්.
2. නිසි අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැඩසටහන්.
3. රසායනික පොහොර භාවිතය අවම කිරීමේ වැඩසටහන් ( පසේ pH අගය සාගර ජලයට බලපෑම)

15. ඉඩම් කළමනාකරණය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම.

1. පාංශු සංරක්ෂණය හා ඉඩම් කළමනාකරණය විධිමත් කිරීමේ වැඩසටහන්.
2. ආක්‍රමණශීලි විදේශ ශාක ව්‍යාප්තිය අවම කිරීම.
3. වගාවන්ට හානි කරන ආක්‍රමණශීලී සතුන් වෙනුවෙන් පරිසරය නිර්මාණය කිරීම.
4. කැලෑ ගිනි තැබීම් අවම කිරීම සඳහා ව්‍යාපෘති.

16. සාමකාමී හා සංයුක්ත සමාජ ප්‍රවර්ධනය.

1. ගැටුම් කළමනාකරණය සහ සමථකරණය පිළිබඳ දැනුවත් කිරීම් වැඩසටහන්.
2. මත්ද්‍රව්‍ය නිවාරණ සහ අන්තරායක ඖෂධ භාවිතය පිළිබඳ දැනුවත් කිරීම.
3. මනෝ උපදේශන වැඩසටහන්.
4. මහජන පැමිණිලි හා යෝජනා.
5. සියලුම ආකාරයේ සංවිධානාත්ම අපරාධ තුරන් කිරීම.
6. රජයෙන් අත්පත් කරගත් ඉඩම් අන්සතු කිරීම.
7. තොරතුරු ලබා ගැනීමේ පනත යටතේ නිසි පරිදි තොරතුරු ලබාදීම.

17. ගෝලීය සහයෝගිතාවයේ පුනර්ජීවනය.

1. බදු සහ වෙනත් ආදායම් එක් රැස් කිරීම වර්ධනය සහ දේශීය සම්පත් සජීවීකරණය.
2. ණය ගැති භාවය පහළ දැමීම සඳහා ක්‍රියාමාර්ග.
3. අපනයන ප්‍රවර්ධනය සඳහා ව්‍යාපෘති.
4. දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම.
5. විදෙස් ශ්‍රමිකයන් නියාමනය.
6. නුපුහුණු ශ්‍රමිකයන් සඳහා පුහුණුව හා NVQ සහතික ලබා ගැනීමට අදාළ ආයතන වෙත යොමු කිරීම.



Post a Comment

Previous Post Next Post